Perth නගරයට 420kmක් උතුරින් පිහිටි Geraldton ප්‍රදේශයට ප්‍රථම වරට 4WD (Four-Wheel-Drive) ගිලන්රථයක් ලබාදීමට St John WA ආයතනය පියවර ගෙන තිබෙනවා.
පසුගිය වසරේ Geraldton වැලි කඳු සහිත ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු අංශභාග තත්ත්වයට පත්වීමේ සිදුවීමත් සමග, අපහසු මාර්ගවල ධාවනය කළ හැකි ගිලන්රථයක අවශ්‍යතාවය දැඩි ලෙස මතු වුණා. එළඹෙන ඔක්තෝබර් මාසයේදී Toyota HiAce 4WD ගිලන්රථයක් මෙම කලාපයට හිමිවන අතර, එය Midwest කලාපයට ලැබෙන පළමු විශේෂිත ගිලන්රථයයි.
කෙසේ වෙතත්, Geraldton ප්‍රදේශයට මෙම පහසුකම හිමිවුවද, Mount Magnet ඇතුළු Midwest හි දුරස්ථ හා පතල් ආශ්රිත ප්‍රදේශ තවමත් මෙවැනි හදිසි වෛද්‍ය සේවාවලින් බැහැරව පවතින බවට ප්‍රාදේශීය බලධාරීන් කනගාටුව පළ කරනවා.



