ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය කෘත්‍රිම බුද්ධිය (AI) යුධ තාක්ෂණය සඳහා යොදාගැනීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතිනවා.
ඉකුත් වසරේ South Australia හි පැවැති පරීක්ෂණයකදී, නියමුවෙකු නොමැතිව ස්වයංක්‍රීයව පියාසර කළ Ghost Bat නම් ප්‍රහාරක ගුවන් යානය සාර්ථකව මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වුණා. කෙසේ වෙතත්, මෙම යානය AI තාක්ෂණය මගින් පූර්ණ ලෙස ක්‍රියාත්මක නොවී, කලින් තීරණය කළ වැඩසටහනක් (Deterministic programming) ඔස්සේ ක්‍රියාත්මක වූ අතර, අවසන් ප්‍රහාරක තීරණය ගනු ලැබුවේ හමුදා නිලධාරියෙකු විසිනුයි.
යුධ පිටියේ තීරණ ගැනීමේදී මිනිස් අධීක්ෂණය අනිවාර්ය විය යුතු බවට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පවසනවා. AI මගින් ඉතා වේගයෙන් තොරතුරු විශ්ලේෂණය කර නිර්දේශ ලබා දුන්නද, මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමේ අවසන් බලය මිනිසා සතුවිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් තාක්ෂණික දෝෂ නිසා සිවිල් වැසියන්ට සිදුවන හානිය ඉහළ යා හැකි බවත් විශේෂඥයින් පෙන්වා දෙනවා.



