Gold Coast හි බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි Light Rail Stage තුන්වන ව්‍යාපෘතිය ලබන ඉරිදා සිට මගී ප්‍රවාහනය සඳහා විවෘත වන බව Queensland රජය තහවුරු කර තිබෙනවා.
6.7km ක දුරකින් යුත් මෙම නව මාර්ගය මගින් Broadbeach සහ Burleigh Heads ප්‍රදේශ ප්‍රථම වතාවට එකිනෙකට සම්බන්ධ වන අතර Mermaid Beach, Miami සහ Christine Avenue ඇතුළුව නව නැවතුම්පොළවල් 8 ක් මෙයට ඇතුළත් වනවා. 2022 ජූලි මාසයේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා මුලින් ඩොලර් මිලියන 709 ක් වැය වෙතැයි ඇස්තමේන්තු කළද, පසුව එහි පිරිවැය ඩොලර් බිලියන 1.55 දක්වා ඉහළ ගියා.
මෙහි පළමු ගමන ඉරිදා පෙ.ව. 6.00 ට Burleigh Heads සහ Broadbeach දුම්රිය ස්ථානවලින් ආරම්භ වීමට නියමිතයි. ප්‍රවාහන අමාත්‍ය Brent Mickelberg ප්‍රකාශ කළේ පිරිවැය සීමාවන් ඉක්මවා ගියද, ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීමට මෙම පියවර ඉතා වැදගත් වන බවයි. එමෙන්ම ශත 50 ක ගාස්තු ක්‍රමය යටතේ ප්‍රදේශවාසීන්ට සහනදායී ලෙස ගමන් කිරීමට අවස්ථාව හිමි වන බවද ඔහු සඳහන් කළා.
වසර ගණනාවක් පුරා පැවැති ඉදිකිරීම් කටයුතු නිසා බාධා එල්ල වූ වෙළෙඳ ව්‍යාපාරවලට සහ ප්‍රදේශවාසීන්ට මෙම නව සේවාව ආරම්භ වීමත් සමග මහත් සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



