Western Australia හි Perth නගරයේ Sorrento Beach හිදී 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෝර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු, ප්‍රහාරයට වගකිව යුතු Great White විශේෂයේ මෝරා අල්ලා විනාශ කිරීමට ධීවර අමාත්‍ය Jackie Jarvis විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

වසර 10කට පසු Western Australia ප්‍රාන්තයේ මෙවැනි නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වන නමුත්, මෙය සාගරයේ සිටින මෝරුන් සමූලඝාතනය කිරීමේ පියවරක් නොවන බවයි අමාත්‍යවරිය අවධාරණය කළේ. පවතින අයහපත් කාලගුණය නිසා මෝරා ඇල්ලීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති අතර, Marmion සිට Iluka දක්වා වූ සියලුම වෙරළ තීරයන් ආරක්ෂිත පියවරක් ලෙස වසා දමා තිබෙනවා.

මෙම වසර තුළ Western Australia හි සිදුවූ තෙවන මෝර ප්‍රහාර මරණය මෙය වන අතර, ඉදිරියේදී වෙරළ ආරක්ෂාව සඳහා ඩ්‍රෝන යානා භාවිතය සහ මෝරුන් නිරීක්ෂණය කිරීමේ tagging වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.