South Australia හි Yunta ආසන්නයේ Oak Park Station ප්‍රදේශයෙන් අතුරුදහන් වූ Gus Lamont නැමැති 4 හැවිරිදි පිරිමි දරුවා පිළිබඳ තොරතුරක් ලබාදෙන අයෙකුට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක තෑගි මුදලක් පිරිනමන බව South Australia පොලිස් බලධාරීන් නිවේදනය කර තිබෙනවා.
පසුගිය වසරේදී තම නිවස අසල සෙල්ලම් කරමින් සිටියදී විනාඩි 30ක පමණ කෙටි කාලයක් තුළ මෙම කුඩා දරුවා අතුරුදහන් වූ අතර, ඔහුව සෙවීම සඳහා South Australia ඉතිහාසයේ විශාලතම මෙහෙයුම ක්‍රියාත්මක කළද කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට හැකිවුණේ නැහැ.
කෙසේ වෙතත්, දරුවා පැහැරගෙන යාමකට ලක්ව ඇති බවට පවුලේ ඥාතීන් සැක පළකරන අතර, අතුරුදහන් වූ Gus Lamont සොයාගැනීමට හෝ සිද්ධියට සම්බන්ධ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට උපකාරී වන නිවැරදි තොරතුරක් ලබාදෙන ඕනෑම අයෙකුට මෙම ඩොලර් මිලියනයක මුදල පිරිනමන බවයි ප්‍රධාන අමාත්‍ය Peter Malinauskas සඳහන් කළේ.



