ඕස්ට්‍රේලියාවේ H5N1 කුරුලු උණ වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ, captivity හි පසුවන native කුරුලු විශේෂ සඳහා එන්නත් ලබා දීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබෙනවා.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ H5N1 ආසාදිත සිදුවීම් 230කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, වනජීවීන් විශාල වශයෙන් මියයාමේ පළමු සිදුවීම ද පසුගිය සතියේ වාර්තා වුණා.
කෘෂිකර්ම අමාත්‍ය Julie Collins සඳහන් කළේ වන පක්ෂීන් අතර වෛරසය පැතිරීම වැළැක්වීම අපහසු වුවත්, අවදානම වැඩිම කුරුලු විශේෂ ආරක්ෂා කරගැනීමට එන්නත්කරණය ආරම්භ කරන බවයි. ඒ අනුව ඉදිරි දිනවලදී ප්‍රාන්ත සහ පාලන ප්‍රදේශ මගින් අදාළ එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
පරිසර අමාත්‍ය Murray Watt පැවසුවේ වන පක්ෂීන් සඳහා මාත්‍රා දෙකකින් යුතු එන්නත ලබා දීම ප්‍රායෝගික නොවන බැවින්, ප්‍රමුඛතාව හිමිවන්නේ captivity හි සිටින කුරුල්ලන්ට පමණක් බවයි.
පළමු අදියර යටතේ ඩොලර් මිලියන 2ක එන්නත් තොගයක් වෙන් කර ඇති අතර, පශු වෛද්‍ය නිලධාරිනී වන Beth Cookson සඳහන් කළේ එන්නතට අමතරව ජෛව ආරක්ෂණ පියවරයන් ද තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.
මේ වන විට Tasmania, Northern Territory සහ ACT හැර අනෙකුත් සියලු ප්‍රදේශවලින් කුරුළු උණ ආශ්‍රිත ප්‍රධාන තොරතුරු රැසක් වාර්තා වී තිබේ.



