ISIS ත්‍රස්තවාදීන්ට සම්බන්ධ ඔස්ට්‍රේලියානුවන් නැවත එරටට පැමිණීම ස්ථිරවම තහනම් කිරීම සඳහා One Nation පක්ෂයේ Pauline Hanson පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ නීති විශේෂඥයින් පවසනවා.
ANU ජාතික ආරක්ෂක විද්‍යාලයේ සහකාර මහාචාර්ය Dr Danielle Ireland-Piper සඳහන් කළේ, සිය රටේ පුරවැසියෙකුට නැවත එරටට පැමිණීම ස්ථිරවම තහනම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියටද පටහැණි වීමට වැඩි ඉඩක් ඇති බවයි. අධිකරණයකින් තීරණය කළ යුතු දඬුවමක් පාර්ලිමේන්තුව හරහා ලබාදීමට උත්සාහ කිරීම මගින් බලතල බෙදීමේ න්‍යාය කඩවන බව ඇය පෙන්වා දෙනවා.
එමෙන්ම විදේශයන්හිදී අපරාධ සිදුකරන පුරවැසියන් ආපසු ගෙනැවිත් නීතිය හමුවට පැමිණවීම රටක වගකීමක් වන අතර, මෙවැනි පියවරක් මගින් වෙනත් රටවල් සමග පවතින පිටුවහල් කිරීමේ සහ නීතිමය ද්විපාර්ශ්වික ගිවිසුම්වලටද බාධා එල්ල විය හැකි බවටයි ඇය වැඩිදුරටත් අනතුරු අඟවන්නේ.



