Tasmania හි Hobart Reception Centre හි සිරමැදිරියක් තුළ සිටි 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව Tasmania Police තහවුරු කරනවා.
මියගිය තරුණයා Hobart හි North ප්‍රදේශයේ New Norfolk හි පදිංචිකරුවෙකු වන අතර, පසුගිය සිකුරාදා Claremont හි Curlew Parade ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩාවැදී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව සෙනසුරාදා දින ඔහුව අත්අඩංගුවට ගෙන Hobart Reception Centre වෙත රැගෙන විත් තිබුණා. ඉරිදා උදෑසන 11.00 ට පමණ සිරමැදිරිය තුළ සිහිසුන්ව සිටි ඔහුව පරීක්ෂා කිරීමෙන් පසු බන්ධනාගාර කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය කණ්ඩායම් ඔහුව ප්‍රකෘති තත්ත්වයට ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් Tasmania පොලීසියෙහි Professional Standards unit එක මගින් සහ මරණ පරීක්ෂක මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, CCTV දර්ශන සහ වාර්තා පරීක්ෂා කිරීම සිදුකෙරෙනවා.



