බොහෝ දෙනෙකු නිවාස අහිමිවීම ලෙස දකින්නේ පාරිසරික වශයෙන් මහපාරේ හෝ තාවකාලික මංමාවත්වල නිදාගන්නා පිරිස පමණක් වුවත්, ඕස්ට්‍රේලියාවේ තරුණ තරුණියන් දහස් ගණනක් මුහුණ දෙන සැබෑ අර්බුදය ඊට වඩා වෙනස් බව HoMie සමාජ ව්‍යවසායකත්ව ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීනී  Stephanie Say පෙන්වා දෙනවා.

ඇය සඳහන් කරන්නේ නිවාස අහිමි තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් මිතුරන්ගේ නිවෙස්වල, වාහනවල හෝ ආරක්ෂිත නොවන තැන්වල තාවකාලිකව ලැගුම් ගන්නා බවයි. නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ඕස්ට්‍රේලියාවේ නිවාස අහිමි වූවන්ගෙන් 25% ක්ම වයස අවුරුදු 12 ත් 25 ත් අතර තරුණයින් වන අතර, පවුල තුළ සිදුවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ දැරිය නොහැකි නිවාස කුලී ඊට ප්‍රධානතම හේතු වී තිබෙනවා.

මෙය පුද්ගලික වැරදි නිසා සිදුවන්නක් නොව පද්ධතියේ පවතින බිඳවැටීමක් බව පෙන්වා දෙන ඇය, මෙම තත්ත්වය වෙනස් කිරීමට HoMie ආයතනය මගින් තරුණයින්ට රැකියා සහ ප්‍රායෝගික සහය ලබා දීමට කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කළා.