ඕස්ට්‍රේලියාවේ ජීවන පිරිවැය සහ ගෙවල් කුලී සීඝ්රයෙන් ඉහළ යාම හමුවේ, තරුණ පරපුරේ නිවාස අයිතිය දෙවන ලෝක යුද සමයේ පැවැති අවම මට්ටම දක්වා පහත බැස ඇති බව වාර්තා වෙනවා.
Anglicare Australia සංවිධානය පෙන්වා දෙන්නේ, වයස අවුරුදු 25 ත් 34 ත් අතර තරුණයන්ගෙන් නිවාස හිමිකම පවතින්නේ 40% කටත් වඩා අඩු පිරිසකට බවයි. 1940 ගණන්වලින් පසු වාර්තා වූ අඩුම නිවාස හිමිකම් ප්‍රතිශතය මෙය වන අතර, පසුගිය වසර 5 තුළ ඇතැම් ප්‍රදේශවල ගෙවල් කුලී 80% කින් පමණ ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.
Productivity Commission හි ආර්ථික විශේෂඥ Angela Jackson සඳහන් කරන්නේ, වර්තමානයේ පවතින රැකියා වල අවිනිශ්චිත ස්වභාවය සහ අඩු ආදායම් මට්ටම් හමුවේ Gen Z පරම්පරාවට නිවසක් මිලදී ගැනීම සඳහා ණය මුදලක් ලබාගැනීම පවා දැඩි අභියෝගයක් වී ඇති බවයි.
මේ අතර Anglicare Australia සංවිධානයේ විධායක අධ්යක්ෂ Kasy Chambers පෙන්වා දෙන්නේ Youth Allowance දීමනාවෙන් පමණක් ජීවත්වන තරුණයන්ට වර්තමානයේ පවතින අධික ගෙවල් කුලී සහ විදුලි බිල්පත් දරාගත නොහැකි බවයි. මෙම තත්ත්වයට පිළියමක් ලෙස දේපළ බදු සංශෝධනය කිරීම සහ තරුණ පරපුර සඳහා පවතින සහන දීමනා ඉහළ නැංවීම වැනි දීර්ඝකාලීන ප්‍රතිපත්තිමය තීරණ වෙත රජය යොමුවිය යුතු බවට විශේෂඥයන් අවධාරණය කරනවා.



