පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමේ අරමුණින්, South Australia ප්‍රාන්තය විසින් අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීම සහ බෙදා හැරීම (Home delivery) සීමා කරමින් දැඩි නව නීති සම්මත කරගෙන තිබෙනවා.
මෙම නව නීතිවලට අනුව පැය 24 පුරා ක්‍රියාත්මක වූ මත්පැන් බෙදා හැරීමේ සේවාවන් සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, මත්පැන් ඇණවුම් කළ හැක්කේ පෙළවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ පමණයි. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකරන සෑම මත්පැන් ඇණවුමකටම පසු පැය 2ක "Safety pause" හෙවත් අනිවාර්ය රැඳවුම් කාලයක් හඳුන්වා දී ඇති අතර, ඇණවුම ලබාදී පැය 2ක් යනතුරු එය බෙදා හැරීමට අවසර හිමිවන්නේ නැහැ.
ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක් මගින් මෙවැනි පියවරක් ගත් පළමු අවස්ථාව මෙය වන අතර, පවුල් ප්‍රචණ්ඩත්වයට මත්පැන් මගින් සිදුවන බලපෑම අවම කරමින් වින්දිතයින්ගේ සහ පවුල්වල ආරක්ෂාව තහවුරු කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බවයි ප්‍රාන්ත රජයේ අමාත්‍යවරුන් සඳහන් කරන්නේ.



