ආමාශය සහ ආන්ත්‍රික ආශ්‍රිතව හටගන්නා උදරාබාධ රෝගයක් වන Inflammatory Bowel Disease සුවකිරීම සඳහා නිවැරදිම ඖෂධ ප්‍රතිකර්ම සොයාගැනීමේ අරමුණින් Monash University හි පර්යේෂකයන් කණ්ඩායමක් සාර්ථක අත්හදාබැලීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, අදාළ රෝගී දරුවන්ගේ පටක කොටස් යොදාගනිමින් "Mini Guts" නමැති ත්‍රිමාණ කුඩා ආන්ත්‍රික ආකෘති නිපදවීමට පර්යේෂකයන් සමත්වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙමඟින් රෝගියාට කෙළින්ම ඖෂධ ලබාදී අත්හදාබැලීම් සිදුකිරීම වෙනුවට, විද්‍යාගාර තුළ ඇති මෙම ආකෘති මඟින් පටක සහ බැක්ටීරියා අතර සිදුවන ප්‍රතික්‍රියා අධ්‍යයනය කර, සෑම රෝගියෙකුටම වඩාත්ම ගැලපෙන පුද්ගලික ඖෂධ ප්‍රතිකර්ම කඩිනමින් හඳුනාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.
ඔස්ට්‍රේලියාව තුළ IBD රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, මෙම නව පර්යේෂණාත්මක සොයාගැනීම අනාගත වෛද්‍ය ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් කරනු ඇති බවටයි පර්යේෂකයන් විශ්වාස කරන්නේ.



