තමන්ගේ මාස 16 ක් වයසැති දියණියට ඉන්සියුලින් (Insulin) ශරීරගත කර ජීවිතයට හානි කිරීමට උත්සාහ කළ මවක් සිරදඬුවම් විඳීමෙන් පසු නිදහස් කර තිබෙනවා.
දියවැඩියා රෝගයෙන් පෙළෙන මෙම කාන්තාව විසින් 2020 වසරේදී සිය බිළිඳු දියණියට ඉන්සියුලින් විදීම නිසා දරුවාගේ රුධිරයේ සීනි මට්ටම බරපතල ලෙස පහත වැටී ජීවිත තර්ජනයක් මතුවී තිබුණා. මෙම වරදට ඇයට 2025 වසරේදී සිරදඬුවම් නියම වූ අතර, පසුව පැවැති අභියාචනා විභාගයකදී අනාවරණය වූයේ ඇය Factitious Disorder (Munchausen syndrome by proxy) නමැති දැඩි මානසික ආබාධයකින් පෙළෙන බවයි.
අතීතයේ ඇය මුහුණ දුන් මානසික පීඩනයන් සහ මෙම මානසික රෝගී තත්ත්වය සැලකිල්ලට ගත් Court of Criminal Appeal හි Belinda Rigg විනිසුරුවරිය ඇගේ සිරදඬුවම් කාලය වසර එකයි මාස 10 දක්වා අඩු කිරීමට පියවර ගත්තා.
ඒ අනුව ඇයගේ අවම සිරදඬුවම් කාලය (Non-parole period) ගෙවී යාමෙන් පසු මේ වන විට ඇයව නිදහස් කර ඇති බව Corrective Services ආයතනය තහවුරු කර සිටිනවා. කෙසේ වෙතත්, නීතිමය සීමාවන් නිසා මෙම කාන්තාවගේ හෝ දරුවාගේ අනන්‍යතාව එළිදක්වා නැහැ.



