ඉරානයට එරෙහිව “තීරණාත්මක ආර්ථික සම්බාධක” පැනවීමට US පාලනාධිකාරිය අනතුරු අඟවා තිබුණද, ඕස්ට්‍රේලියාවෙහි කොටස් වෙළඳපොළ පසුගිය සති දෙකක කාලය තුළ වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණ තිබෙනවා.

දිනයේ ගනුදෙනු අවසානයේදී ASX200 දර්ශකය ප්‍රසාද ලකුණු 61.5 කින් එනම් 0.68% කින් ඉහළ යමින් සටහන් වූයේ 9164.6 ක් ලෙසයි. ඉරාන තෙල් වෙළඳාමට සම්බන්ධ සමාගම් සහ නෞකාවලට එරෙහිව US පැනවූ නව සම්බාධක හේතුවෙන් බලශක්ති ක්ෂේත්‍රයේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, තාක්ෂණික, සෞඛ්‍ය සහ පාරිභෝගික ද්‍රව්‍ය යන ක්ෂේත්‍රවල කොටස් අගයන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන්ම Coles සමාගමේ වාර්ෂික ලාභ වාර්තා නිකුත් වීමත් සමග එහි කොටස් අගය 4.9% කින් ඉහළ ගිය අතර, Wisetech, Xero, CSL සහ Ansell වැනි ප්‍රමුඛ පෙළේ සමාගම්වල කොටස් ද ඉහළ අගයක් වාර්තා කළා. එසේම BHP සමාගමේ කොටස් අගය ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, රත්රන් මිල ද පසුගිය කාල සීමාව තුළ ඉහළම මට්ටමකට පැමිණ තිබෙනවා.

ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ US සහ China නායකයන් අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමුළුව හමුවේ, US රජය දැඩි තීරණවලට වඩා කලාපීය ස්ථාවරත්වයට මුල්තැන දෙනු ඇති බවට වෙළඳපොළ විශ්ලේෂකයන් විශ්වාස කරන බවයි.