ISIS ත්‍රස්ත සංවිධානයට පක්ෂපාතීව කටයුතු කරමින්, අන්තර්ජාලය හරහා ප්‍රචාරක කටයුතුවල නිරත වූ 65 හැවිරිදි පුද්ගලයෙකු Melbourne හි Carlton ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Victoria හි ඒකාබද්ධ ත්‍රස්ත මර්දන කණ්ඩායම  මගින් සිදුකළ වැටලීමකදී මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අද දිනයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු ISIS සංවිධානය වෙනුවෙන් ප්‍රචණ්ඩකාරී වීඩියෝ, ඡායාරූප මෙන්ම මහා පරිමාණ ප්‍රහාර එල්ල කරන ආකාරය පිළිබඳ උපදෙස් ඇතුළත් ගොනු 10,000 ක් පමණ අන්තර්ජාලයට මුදාහැර ඇති බවටයි පොලිසිය චෝදනා කරන්නේ.

ඔහුට එරෙහිව ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකත්වය දැරීම සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදී ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතයි.