ඉතාලියේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික නඩු තීන්දුවක් නිසා ඕස්ට්‍රේලියානු වැසියන් ඇතුළු විදේශගත රැසකට ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට තිබූ ලොකු නීතිමය බාධාවක් ඉවත් වී තිබෙනවා.

කළින් පැවති ‘බාලවයස්කාර ගැටලුව’ නම් නීතිමය රෙගුලාසියට අනුව, දරුවන් බාලවයස්කාර වියේදී ඔවුන්ගේ දෙමාපියන් වෙනත් රටක ප්‍රජා අයිතිය ලබා ගත්තොත්, ඒ දරුවන්ට හිමි ඉතාලි ප්‍රජා අයිතිය ඉබේම අහෝසි වී ගියා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නව තීන්දුවත් සමඟ, උපතින් හිමිවන ඉතාලි ප්‍රජා අයිතිය එලෙස අහෝසි නොවන බවට තීන්දු කර තිබෙනවා.

මේ නිසා පසුගිය කාලයේ අයදුම්පත් ප්‍රතික්ෂේප වූ දහස් සංඛ්‍යාත පිරිසකට නැවතත් සිය අයදුම්පත් සමාලෝචනය සඳහා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවෙනවා. කෙසේ වෙතත්, ඉතාලි තානාපති කාර්යාලවල පවතින දැඩි තදබදය නිසා මෙම ක්‍රියාවලිය සඳහා යම් පරිපාලනමය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.