වසර 27 ක් පුරා Bendigo East ආසනය නියෝජනය කළ වික්ටෝරියානු හිටපු අගමැතිනිය වන Jacinta Allan දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. එළඹෙන නොවැම්බර් ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.
ඇයගේ මෙම සමුගැනීමත් සමඟ Bendigo ප්‍රදේශය ජයගැනීමට Nationals පක්ෂය සංවිධානය වන අතර, එහි Bendigo East අපේක්ෂක Andrew Lethlean සඳහන් කළේ මෙම තීරණයෙන් තම ප්‍රචාරණ කටයුතුවලට කිසිදු බාධාවක් නොවන බවයි.
කෙසේ වෙතත් Monash University හි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ Jacinta Allan ගේ සමුගැනීමත් සමඟ Bendigo East ආසනයේ දේශපාලන තත්ත්වය බෙහෙවින් වෙනස් වන අතර, Labor පක්ෂයෙන් ඉදිරිපත් වන නව අපේක්ෂකයා අනුව තරගය ඉතා සූක්ෂම එකක් වනු ඇති බවයි.
Labor පක්ෂයේ Bendigo East සාමාජිකයින් මේ වන විටත් නව අපේක්ෂකයෙකු සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, Greens පක්ෂයෙන් Michael Tolhurst ද, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස Liz Wright ද මෙම ආසනය සඳහා තරග කිරීමට නියමිතයි.



