ජපානයේ ශල්‍යාගාරයක් තුළ රෝගියෙකුගේ සැත්කමක් සිදු කරමින් සිටියදී මාරාන්තික භූමිකම්පාවක් එල්ල වූ අවස්ථාවේ, වෛද්‍යවරුන් සහ හෙදියන් සිය ජීවිත පරදුවට තබමින් රෝගියාගේ ආරක්ෂාව තහවුරු කළ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් නිකුත් වී තිබෙනවා.

පසුගිය ජූලි 28 වනදා southwest Japan කලාපයට බලපෑ රික්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවත් සමඟ, Kumamoto General Hospital හි ශල්‍යාගාරයේ විදුලිය විසන්ධි වී උපකරණ පෙරළී යද්දීත්, සිහිසුන්ව සිටි රෝගියා ආරක්‍ෂා කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත් වුණා.  පසුව වෛද්‍යවරුන්, අදාළ සැත්කම සාර්ථකව අවසන් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, Kumamoto හි පිහිටි Aeon Mall ගොඩනැගිල්ල කඩා වැටීමෙන්ද දැඩි හානි සිදු වුණා. එහි සිරවී සිටි පුද්ගලයින් 5 දෙනෙකු ආශ්චර්යමත් ලෙස බේරාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත් වී තිබෙනවා.