අධික ආදායම් ලබන පවුල් සඳහා ද ක්‍රියාත්මක වන 5% ක නිවාස ණය මුලික ගෙවීමේ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ඕස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරික Jim Chalmers අද පිළිතුරු ලබා දී තිබෙනවා.
වාර්ෂිකව ඩොලර් 675,000 දක්වා ආදායම් ලබන යුවළයන්ට ද රජයේ ඇපකාරීත්වය යටතේ ක්‍රියාත්මක මෙම සහනය හිමිවීම පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, එය නිවාස වෙළඳපොළ තවදුරටත් ව්‍යාකූල කිරීමට හේතු වන බවටයි චෝදනා එල්ල වන්නේ. Labor රජය විසින් මීට පෙර පැවති ආදායම් සීමාවන් ඉවත් කිරීමෙන් පසු මෙම සහනය ලබාගත් පිරිසෙන් 35% ක්ම ඉහළ ආදායම් ලබන්නන් බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් භාණ්ඩාගාරික Jim Chalmers සඳහන් කළේ, අධික ආදායම් ලබන පිරිසට වුවද පවතින නිවාස වෙළඳපොළ තුළ නිවසක් මිලදී ගැනීම පහසු නොවන බවත්, වැඩි පිරිසකට නිවාස හිමිකම ලබා දීම රජයේ ප්‍රධාන අරමුණ බවත්ය.
මේ අතර, ජූලි මාසයේදී නිවාස මිල ගණන් 0.7% කින් පහත වැටී ඇති අතර, එය 2022 දෙසැම්බර් මාසයෙන් පසු වාර්තා වූ විශාලතම මාසික මිල පහත වැටීම ලෙසයි සැලකෙන්නේ. Cotality ආයතනයේ දත්තවලට අනුව, Sydney, Melbourne සහ Canberra මෙන්ම Adelaide සහ Brisbane නගරවල ද මෙම පසුබැසීම දක්නට ලැබෙනවා. Liberal පක්ෂයේ Dave Sharma පවසන්නේ, රජයේ බදු ප්‍රතිපත්ති සහ ඉහළ ගිය පොලී අනුපාත හමුවේ නිවාස වෙළඳපොළ දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.



