Kangaroo Island ආශ්‍රිත භූමියකින් ඕස්ට්‍රේලියාවේ Sea lion සතුන් සිව්දෙනෙකුට H5 කුරුළු උණ (Bird flu) ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

South Australia ප්‍රධාන භූමිය සහ Kangaroo Island අතර පිහිටි North Page සහ South Page islands හි මියගොස් සිටි Sea lion සතුන් 12 දෙනාගෙන් සිව්දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව එම දූපත් ආශ්‍රිතව Crested tern කුරුල්ලන් 900 කට ආසන්න සංඛ්‍යාවක්ද මියගොස් තිබෙනවා.

මෙය ඉතා අවදානම් තත්ත්වයක් බව පරිසරවේදීන් පෙන්වා දෙන අතර, දූපත් කිහිපයකම මේ වන විටත් H5 කුරුළු උණ ව්‍යාප්තිය වාර්තා වී හමාරයි. මෙම තත්ත්වය හමුවේ සතුන් සඳහා වන එන්නත් පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමට South Australia ප්‍රාන්ත රජය පියවර ගනිමින් සිටිනවා.