Northern Territory හි Katherine නගරයේ පවතින දැඩි අපරාධ රැල්ලට එරෙහිව ප්‍රදේශවාසීන් පාරට බැස විරෝධතාවල නිරත වනවා.

ඊයේ පස්වරුවේ හොරකම් කරන ලද Volkswagen වර්ගයේ මෝටර් රථයක් නගරය පුරා අනතුරුදායක ලෙස පදවා විනාශ කිරීමේ සිද්ධියත් සමඟ, ප්‍රදේශයේ තරුණ අපරාධ රැල්ල පාලනය කිරීමට බලධාරීන් අසමත් වී ඇති බවට චෝදනා කරමින් ජනතාව මෙසේ එක්රැස් වී තිබෙනවා. නගරයේ ආරක්ෂාව වෙනුවෙන් Alice Springs හි මෙන් Katherine නගරයටද තරුණයින් සඳහා රාත්‍රී ඇඳිරි නීතිය පනවන ලෙසත්, පොලිස් නිලධාරීන් ප්‍රමාණය වැඩි කරන ලෙසත් ප්‍රදේශවාසීන් සහ මහජන නියෝජිතයින් රජයෙන් ඉල්ලා සිටිනවා.

වාර්ෂික සංඛ්‍යාලේඛනවල අපරාධ අඩුවීමක් පෙන්නුම් කළද, සැබෑ ලෙසම නගරයේ වාහන සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ ගොස් ඇති බවයි ජනතාව පවසන්නේ. මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැතිනි Lia Finocchiaro සමඟ සාකච්ඡා කර වහාම විසඳුම් ලබාදෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී Jo Hersey සහතික වී තිබෙනවා.