ලොව වැඩිම වැටුප් ලබන දේශපාලන නායකයා වන Singapore අගමැති Lawrence Wong ගේ වැටුප ලබන ඔක්තෝබර් මැද සිට 64%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ වාර්ෂික වැටුප Singapore ඩොලර් මිලියන 2.2 සිට මිලියන 3.6ක් දක්වා ඉහළ යන අතර, එය අමෙරිකානු ඩොලර් මිලියන 3.9කට පමණ සමානයි. අනෙකුත් කැබිනට් සාමාජිකයන්ගේ වැටුප්ද ඉහළ දමා තිබෙනවා.
Lawrence Wong පවසන්නේ දක්ෂ පුද්ගලයන් දේශපාලනයට ආකර්ෂණය කර ගැනීමට සහ දූෂණය වැළැක්වීමට ඉහළ වැටුප් අවශ්‍ය බවයි. කෙසේ වෙතත්, සාමාන්‍ය ජනතාව උපයන මුදලට සාපේක්ෂව දේශපාලන නායකයන්ගේ වැටුප් ඉහළ මට්ටමක පැවතීම මතභේදාත්මක කරුණක් බවද ඔහු පිළිගෙන තිබෙනවා.
මෙම වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 10 වනදා Singapore පාර්ලිමේන්තුවේදී පුළුල් විවාදයක් පැවැත්වීමට නියමිතයි.
ලොව දෙවැනි වැඩිම වැටුප් ලබන දේශපාලන නායකයා Hong Kong ප්‍රධාන විධායක John Lee වන අතර, ඔහුගේ වාර්ෂික වැටුප අමෙරිකානු ඩොලර් 995,000ක් පමණ වනවා. ඇමරිකා ජනාධිපති Donald Trumpගේ වාර්ෂික වැටුප ඩොලර් 553,000ක් පමණ වන අතර, ඕස්ට්‍රේලියා අගමැති Anthony Albaneseගේ වාර්ෂික වැටුප ඩොලර් 622,050ක් පමණ වනවා.



