ව්‍යාජ ලේඛන සහ තොරතුරු ඉදිරිපත් කරමින් ලබාගත් ඩොලර් මිලියන ගණනක අසත්‍ය නිවාස ණය ජාවාරමක් පිළිබඳ තොරතුරු ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බැංකු 10 ක් ආශ්‍රිතව හෙළි වී තිබෙනවා.
ඕස්ට්‍රේලියානු මූල්‍ය අපරාධ විමර්ශන ඒජන්සිය වන AUSTRAC, මූල්‍ය නියාමකයින් සහ නීතිය පසිඳලීමේ ආයතන එක්ව සිදුකළ 'Operation Claw' විශේෂ මෙහෙයුමේදී විශේෂයෙන්ම Sydney ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සංවිධානාත්මක ලෙස සිදුවූ මෙම ණය වංචාවන් අනාවරණය කරගෙන ඇති බව සඳහන්.
අසත්‍ය ආදායම් වාර්තා, ව්‍යාජ රැකියා තොරතුරු සහ විදේශීය මුදල් යොදවමින් නිවාස ණය ලබාගෙන ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
AUSTRAC ආයතනයේ ප්‍රධානී Brendan Thomas පවසන්නේ, මෙමගින් ඕස්ට්‍රේලියානු මූල්‍ය පද්ධතියේ සහ නිවාස වෙළඳපොළේ ඇති බරපතල දුර්වලතා පෙන්නුම් කරන බැවින්, ණය ලබාදීමට පෙර අයදුම්පත් නිසියාකාරව පරික්ෂා කිරීමට බැංකු සහ මූල්‍ය ආයතන වහාම පියවර ගත යුතු බවයි.
මේ අතර, මෙවැනි වංචනික ක්‍රියා වැළැක්වීම සඳහා Australian Taxation Office හි ආදායම් දත්ත වෙත සෘජුවම ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඕස්ට්‍රේලියානු බැංකු සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.



