AFL ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක Luke Hodge විසින් Fremantle කණ්ඩායමේ Mason Cox වෙත දැඩි අවවාදයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පසුගිය සෙනසුරාදා Melbourne කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී නිදහස් පහරක් ලබාගැනීමේ අරමුණින්, ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ සුළු ස්පර්ශයකදී බිම ඇදවැටෙමින් රැවටීමක් කළ නිසයි.

මෙම තරගයෙන් Fremantle කණ්ඩායම පරාජයට පත්වූ අතර, තරගයේ තීරණාත්මක මොහොතක Mason Cox සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳව බොහෝ දෙනාගේ නොසතුට පළවී තිබෙනවා.

'The Agenda Setters' වැඩසටහනට එක්වෙමින් Luke Hodge සඳහන් කළේ, MCG වැනි ප්‍රධාන ක්‍රීඩාංගණයකදී මෙවැනි හැසිරීම් කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

පසුගිය තරගයේ පරාජයෙන් පසුව Fremantle කණ්ඩායම එළඹෙන සිකුරාදා රාත්‍රියේ Adelaide කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.