Rosebud හි මාර්ගයක බරපතල ලෙස තුවාල ලබා සිටි පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සෙනසුරාදා අලුයම 12.40ට පමණ Rosebud හි Point Nepean සහ Boneo මාර්ග දෙක හමුවන ස්ථානය ආසන්නයේ වැටී සිටි මෙම පුද්ගලයා, ඒ අසලින් ගමන් කළ පිරිසක් විසින් දැක තිබෙනවා.

එහිදී ඔහුට ප්‍රථමාධාර (CPR) ලබාදීමට කටයුතු කළත්, ඔහු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් Somerville මාර්ග ආරක්ෂක පොලිස් ඒකකයේ විමර්ශකයින්  බස් රථ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙය වාහනයක ගැටී පලාගිය සිද්ධියක් නොවන බවටයි දැනට තීරණය කර ඇත්තේ.