Maryborough ප්‍රදේශයේ නිවසකට කඩාවැදී කුඩා දරුවන් ඉදිරියේ යුවලකට අමානුෂික ලෙස වධහිංසා පමුණුවමින් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුට Victoria ප්‍රාන්ත අධිකරණය මගින් දීර්ඝ කාලීන සිරදඬුවම් නියම කර තිබෙනවා.
මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ 29 හැවිරිදි Joshua Snow සහ 30 හැවිරිදි වියේ පසුවන Joshua Day නමැති පුද්ගලයින් දෙදෙනාටයි. 2023 වසරේදී සිදුවූ මෙම ප්‍රහාරයේදී මොවුන් ගිනිඅවි සහ පිහි පෙන්වා, නිවසේ සිටි යුවලට දැඩි ලෙස පහරදී, අමානුෂික ලෙස නගා සිටුවමින් මුදල් සහ දේපළ කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ අවස්ථාවේදී නිවසේ කුඩා දරුවන් සිව්දෙනෙකු ද සිට ඇති අතර, සිද්ධිය සඟවන ලෙසටත්, පොලීසියට පැමිණිලි කළහොත් දරුවන් පණපිටින් ගිනි තබන බවටත් සැකකරුවන් තර්ජනය කර තිබෙනවා.
මෙම අමානුෂික ක්‍රියාකලාපය සහ චෝදනා රැසකට වරදකරුවන් වීම හේතුවෙන් Joshua Snow හට වසර 11 කට අධික සිරදඬුවමක් සහ Joshua Day හට වසර 9 කට අධික සිරදඬුවමක් නියම කිරීමට විනිසුරුවරයා තීරණය කළා.



