Mastercard ගෙවීම් පද්ධතියේ හදිසියේ ඇතිවූ ජාත්‍යන්තර තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ බැංකු ගනුදෙනුකරුවන් රැසක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.
මීට සුලු මොහොතකට පෙර සිදුවූ මෙම තාක්ෂණික දෝෂයත් සමඟ Commonwealth Bank, Westpac, Bankwest සහ Macquarie ඇතුළු ප්‍රධාන බැංකු රැසක Tap-and-go ගෙවීම්, Digital wallet, Apple Pay සහ Google Pay ගෙවීම් කටයුතු අක්‍රිය වී ඇති බවයි වාර්තා වන්නේ.
Mastercard ආයතනය පවසන්නේ මෙම ගැටලුව නිරාකරණය කිරීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම ගෙවීම් ප්‍රතික්ෂේප වන්නේ නම් කාඩ්පත යන්ත්‍රයට ඇතුළත් කර 'Savings' තෝරා Eftpos හරහා ගෙවීම් සිදු කරන ලෙසත්, ATM යන්ත්‍ර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් බැංකු බලධාරීන් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.



