Melbourne Northeast, Glenburn හි Melba Highway මාර්ගයේදී බස් රථයක් සහ කාර් රථයක් ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද පස්වරු 2.40 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, බස් රථයේ ගමන් කළ පිරිස ඇතුළු 21 දෙනෙකු පරික්ෂාවට ලක්කර තිබෙනවා. ඒ අතරින් බරපතල තුවාල ලැබූ යොවුන් වියේ පසුවන පිරිමි ළමයෙකු ගුවන් ගිලන් රථයක් මගින් රෝහල්ගත කර ඇති අතර, 50 හැවිරිදි පුද්ගලයෙකු ද බරපතල තත්ත්වයෙන් පසුවන බවයි Ambulance Victoria වාර්තා කරන්නේ. තවත් යොවුන් වියේ පසුවන දෙදෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අනතුරින් කාර් රථයට දැඩි හානි සිදුවී ඇති අතර බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පස් බැම්මක ගැටී තිබෙනවා. සිද්ධියත් සමග Melba Highway හි දෙපසම ගමනාගමනය වසා දමා ඇති අතර, වාහන Yea දෙසට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ස්ථානයේ මෑත දින කිහිපය තුළ සිදුවූ තෙවන දරුණු රිය අනතුර මෙය වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



