US, Canada, UK සහ Europe ඇතුළු ලොව පුරා ප්‍රධාන රටවල් සංක්‍රමණිකයන් සඳහා වන නීති රීති දැඩි කරමින් සිටින පසුබිමක ඕස්ට්‍රේලියාවද සිය සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් සමූහයක් නිවේදනය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke සඳහන් කළේ, ජාත්‍යන්තර සිසුන්ට පවුලේ සාමාජිකයන් කැඳවාගෙන ඒම සීමා කිරීම, "visa hopping" හෙවත් එක් වීසාවකින් තවත් වීසාවකට මාරුවීම වැළැක්වීම සහ working holidaymakers වීසා කාලය දීර්ඝ කිරීම සීමා කිරීමට පියවර ගන්නා බවයි. එමෙන්ම වීසා කාලය ඉකුත් වී රැඳී සිටින 77,000 කට ආසන්න පිරිසකට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටත්, රඳවා තබා ගැනීමේ මෙහෙයුම් වැඩි කිරීමටත් නියමිතයි. රජයේ මූලික ඉලක්කය වී ඇත්තේ ශ්‍රමික සංක්‍රමණිකයන් සංඛ්‍යාව වසරකට 225,000 දක්වා පහත හෙළීමයි.
මේ අතර, අනෙකුත් ප්‍රධාන රටවල් ද සංක්‍රමණිකයන් පාලනයට දැඩි පියවර ගනිමින් සිටිනවා:
US: Donald Trump පාලන තන්ත්‍රය විශාලතම පිටුවහල් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින්, නීති විරෝධී සංක්‍රමණිකයන් ලක්ෂ ගණනින් පිටුවහල් කිරීමටත්, වීසා ලබාදීමේ නීති තද කිරීමටත් කටයුතු කරමින් සිටිනවා.
Canada: Prime Minister Mark Carney යටතේ තාවකාලික පදිංචිකරුවන් සහ ජාත්‍යන්තර සිසුන් සඳහා වන වීසා බලපත්‍ර සංඛ්‍යාව සැලකිය යුතු ලෙස කපා හැර තිබෙනවා.
UK: ස්ථිර පදිංචිය (permanent settlement) ලබා ගැනීම සඳහා වන සුදුසුකම් පූරණය කිරීමේ කාල සීමාව වසර 5 සිට 10 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙනවා.
Europe: නීති විරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කර ඇති අතර, අනුමැතිය නොලැබෙන අභයභූමි ඉල්ලුම්කරුවන් වෙනත් රටවල ස්ථාපිත කෙරෙන "return hubs" වෙත යැවීමට Germany, Denmark ඇතුළු රටවල් කටයුතු කරමින් සිටිනවා.
ලෝකය පුරාම සංක්‍රමණිකයන් සීමා කිරීමේ දැඩි රැල්ලක් නිර්මාණය වී ඇති අතර, ඕස්ට්‍රේලියාවද ඒ හා සමාන තද නීති මාලාවක් ඉදිරියට ගෙන යන බවයි පෙනී යන්නේ



