තහනම් ත්‍රස්තවාදී සහ ප්‍රචණ්ඩකාරී ද්‍රව්‍ය (violent extremist material) ළඟ තබා ගැනීමේ චෝදනා මත 30 හැවිරිදි පුද්ගලයෙකු Melbourne ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Melbourne හි Roxburgh Park ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා Middle East බලා යාමට නියමිතව තිබූ ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සඳහන් කළේ. ISIS මතවාද සහ ප්‍රචණ්ඩකාරී දර්ශන අඩංගු වීඩියෝ හා ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කරගත් ජාලයක මොහු සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බවට පොලිසිය චෝදනා කරනවා.
මීට අමතරව, අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණ නියෝගයක් තිබියදීත් සිය විද්‍යුත් උපකරණ පරික්ෂා කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.
මෙම සිදුවීමත් සමඟ මෑත කාලයේදී මෙවැනි අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් AFP හි National Security Investigations කණ්ඩායම මගින් අත්අඩංගුවට ගත් Victoria හි 6 වැනි පුද්ගලයා මොහු වන අතර, ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



