Tractor රථයක් තුළ ඉතා උපක්‍රමශීලීව සඟවා Melbourne වෙත රැගෙන ඒමට උත්සාහ කළ 300kg කට ආසන්න කොකේන් තොගයක් ඔස්ට්‍රේලියානු Border Force නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

Germany සිට Panama හරහා නැව්ගත කර තිබූ මෙම Shipping Container එක පිළිබඳව ඇති වූ සැකය මත සිදුකළ X-ray පරීක්ෂාවකින් පසුවයි මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, අදාළ ජාවාරම්කරුවන් සොයා වික්ටෝරියා ඒකාබද්ධ සංවිධානාත්මක අපරාධ විමර්ශන කාර්ය සාධක බලකාය මඟින් පරීක්ෂණ පවත්වනවා. මෙම මත්ද්‍රව්‍ය තොගය වෙළඳපොළට පැමිණියේ නම් ජාවාරම්කරුවන්ට ඩොලර් මිලියන ගණනක ආදායමක් ලැබීමට ඉඩ තිබූ බවත්, එම මුදල් තවත් ප්‍රචණ්ඩකාරී අපරාධ සඳහා යොදාගැනීමට ඉඩ තිබූ බවත් Victoria පොලීසිය පවසනවා.