ඕස්ට්‍රේලියාවේ Melbourne හි ඩොලර් මිලියන 20 ක් පමණ වටිනා Adass Israel Synagogue දේවස්ථානයට ගිනි තැබූ බවට චෝදනා ලැබ සිටින තරුණයන් තිදෙනා සම්බන්ධයෙන් වන ප්‍රධාන අධිකරණ විභාගය ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 22 ක් වන Giovanni Laulu, 21 හැවිරිදි Younes Ali Younes සහ 20 හැවිරිදි Devante Romao යන සැකකරුවන් තිදෙනා, සිද්ධියට සම්බන්ධ වෙනත් 'සැකකරුවන්' පිළිබඳ පොලිස් වාර්තා පරීක්ෂා කිරීමට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා
2024 දෙසැම්බර් 6 වනදා Ripponlea හි පිහිටි මෙම දේවස්ථානයට ඇතුළු වී පෙට්‍රල් ලීටර් 100 ක් පමණ යොදා ගිනි තැබීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. එම අවස්ථාවේදී දේවස්ථානය තුළ සිටි පුද්ගලයන් දෙදෙනෙකු දිවි බේරාගෙන තිබුණා.
Melbourne Magistrates’ Court හිදී පැවැත්වෙන මෙම නඩු විභාගයේදී මොවුන්ට එරෙහිව ඇති සාක්ෂි ඉහළ අධිකරණයකට යොමු කරන්නේද යන්න තීරණය කිරීමට නියමිතයි.
මේ අතර, මෙම සිද්ධිය ඉරානයේ Islamic Revolutionary Guard Corps (IRGC) සංවිධානය මෙහෙයවූවක් බවට තොරතුරු ලැබී ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සහ ASIO බුද්ධි අංශ ප්‍රධානී Mike Burgess මීට පෙර අනාවරණය කර තිබුණා.



