තමන්ගේ මෝටර් රථය සොරාගැනීමට තැත් කළ තැනැත්තියක් වැළැක්වීමට යාමේදී සිදුවූ රථ අනතුරකින් Melbourne හි වයස අවුරුදු 68ක පුද්ගලයෙකු බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී 7.30ට පමණ Heidelberg West හි Blackwood Parade ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
George නමැති අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට රථය නවතා දොර විවෘතව තබා මොහොතකට නිවසට ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ කාන්තාවක් හදිසියේම රථයේ රියදුරු අසුනට ගොඩවී ඇති අතර, එය දුටු George සහ තවත් කාන්තාවක් ඇය වැළැක්වීමට උත්සාහ කර තිබෙනවා. එහිදී සැකකාරිය විසින් ඔහු යටකරමින් රථය පදවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අසල්වැසියන් විසින් අනතුරට ලක්වූ පුද්ගලයාට ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.



