Melbourne හි පිහිටි First Nations විරෝධතා ස්ථානයක් වන Camp Sovereignty කඳවුරේ සාමාජිකයෙකුට එල්ල වූ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් Victoria පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය ඉරිදා රාත්‍රියේ කඳවුරේ අඛණ්ඩව පවත්වාගෙන යන ගිනිමැලය නිවා දැමීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඇති වූ ගැටුමකදී, කඳවුරේ ස්වේච්ඡා ගිනි නිවන භටයෙකු වන 37 හැවිරිදි Ash Ni Maraට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු පවසන්නේ තමා මීටර් කිහිපයක් ඇදගෙන ගොස් හිස අල්ලා තබා නැවත නැවතත් පහර දුන් බවයි. පැරාමෙඩික් කණ්ඩායම් ස්ථානයේදීම ප්‍රතිකාර ලබාදී ඇති අතර සැකකරුවන් දෙදෙනා පොලිසිය පැමිණීමට පෙර පලා ගොස් තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය මාස 12 තුළ Camp Sovereignty කඳවුරට එල්ල වූ දෙවන ප්‍රහාරය ලෙසයි.
Victoria Police පවසන්නේ මෙම සිද්ධිය ජාතිවාදී අරමුණක් මත සිදුවී තිබේද යන්න පිළිබඳවද විමර්ශන සිදු කරන අතර, CCTV දර්ශන පරීක්ෂා කරමින් සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.



