Melbourne CBD හි Spencer හා La Trobe වීදි අතර හන්දිය ආසන්නයේදී 10 හැවිරිදි පිරිමි ළමයෙකුට පහරදී, ඔහු බේරාගැනීමට පැමිණි කාන්තාවකට කතුරකින් ඇන තුවාල සිදුකිරීමේ පුවතක් වාර්තා වෙනවා.
මෙම ප්රහාරයෙන් තුවාල ලැබූ Bass Coast ප්රදේශයේ පදිංචි කුඩා පිරිමි ළමයා සහ Cowes ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාව රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් Sunshine West හි පදිංචි 27 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්රහාරය සඳහා යොදාගත් කතුර ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මොවුන් තිදෙනා මීට පෙර හඳුනන අය නොවන බවයි අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුගෙන් ප්රශ්න කිරීමට නියමිත අතර, පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



