Melbourne හි north-west ප්‍රදේශයේ පිහිටි Avondale Heights Child Care and Early Learning Centre ළමා සුරැකුම් මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ ක්ෂණිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මධ්‍යස්ථානය අවසන් කිරීමේ වගකීම ගෙන ඇති SSB Advisory ආයතනය විසින් ඊයේ රාත්‍රී 6.40 ට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් දෙමාපියන් වෙත දන්වා ඇත්තේ අදාළ මධ්‍යස්ථානයේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන බවයි.

ව්‍යාපාරය විකිණීමට තිබූ සැලසුම් අසාර්ථක වීම සහ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වීම මෙම වසා දැමීමට හේතු වී ඇති බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, කාර්යාල වේලාවෙන් පසුව ලැබුණු මෙම ක්ෂණික දැනුම්දීම නිසා තම දරුවන්ට වෙනත් ළමා සුරැකුම් මධ්‍යස්ථාන සොයා ගැනීමට නොහැකිව දෙමාපියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර, බොහෝ දෙනෙකුට තම රැකියාවලට වාර්තා කිරීමට පවා නොහැකි වී තිබෙනවා.

එමෙන්ම දරුවන්ගේ පෞද්ගලික ද්‍රව්‍ය රැසක්ද තවමත් වසා දමා ඇති එම මධ්‍යස්ථානය තුළම පවතින බවයි වාර්තා වෙන්නේ.