Petting zoo වෙත ගිය කුඩා දරුවන් දෙදෙනෙකුට බරපතල බැක්ටීරියා ආසාදනයක් වැළඳීමෙන් පසු Victoria හි ජනතාවට වහාම අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා.

Melbourne හි අවුරුදු 2 ක සහ 3 ක කුඩා දරුවන් දෙදෙනෙකු මෙම එකම Petting zoo එකට ගොස් පැමිණීමෙන් පසු STEC නමැති E. coli බැක්ටීරියා කාණ්ඩය ආසාදනය වී රෝහල්ගත කර තිබෙනවා. මෙම බැක්ටීරියා ආසාදනය නිසා හටගන්නා HUS තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ වකුගඩු අක්‍රිය වීම, රක්තහීනතාවය සහ අභ්‍යන්තර රුධිර වහනය වැනි බරපතල සංකූලතා ඇතිවිය හැකි බවයි Victoria Department of Health ආයතනය පවසන්නේ.

ගවයින්, එළුවන් සහ බැටළුවන් වැනි සතුන්ගේ මළපහ මගින් මෙම බැක්ටීරියාව පරිසරයට සහ සතුන් සිටින ස්ථානවලට එකතු වන බවත්, සතුන් ඇල්ලීමෙන් සතුන් ඇල්ලීමෙන් පසු දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීමෙන් දරුවන්ට මෙම බැක්ටීරියාව ආසාදනය විය හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.