පසුගිය මාසයේ Melbourne ප්‍රදේශ කිහිපයක සිදු වූ වෙඩි තැබීම් මාලාවක් සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක Victoria පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජූලි 6, 7 සහ 15 වන දිනවල Narre Warren, Keilor Downs සහ Kealba යන ප්‍රදේශවල නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම සිදුවීම්වලින් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් Box Hill South හි පදිංචි 29 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු Lower Plenty හිදීත්, 35 හැවිරිදි කාන්තාවක Mernda හිදීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිනිඅවි ළඟ තබාගැනීම, ජීවිත අනතුරේ හෙළීම සහ වාහන සොරකම් කිරීම ඇතුළු චෝදනා රැසක් මොවුන්ට එරෙහිව ගොනුකර ඇති අතර, ඔවුන් අද මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



