Mexico හි ocean surfing සංචාරයක නිරතව සිටියදී ඝාතනයට ලක්වූ ඕස්ට්‍රේලියානු ජාතික Jake, Callum Robinson සහෝදරයන් සහ ඔවුන්ගේ ඇමෙරිකානු ජාතික මිතුරා Carter Rhoad ගේ මරණ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වන Ari Gisell මීට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ, මෙම ඝාතන සිදුකළ බවට චෝදනා ලැබ සිටින El Kekas ලෙස හැඳින්වෙන Jesús Gerardo නමැත්තා තමා හමුවේ එම ඝාතන පිළිබඳව පාපොච්චාරණය කළ බවයි. ඔහු සංවිධානාත්මක කල්ලි ඝාතකයෙකු (hit man) ලෙස කටයුතු කළ අයෙකු බවත්, ඝාතනය කිරීමට නියමිත පුද්ගලයන්ගේ ලැයිස්තුවක් පවා ඔහු සතුව තිබූ බවත් ඇය සඳහන් කළා.

සංචාරකයන් පිරිස නවාතැන්ගෙන සිටි Punta San José හිදී ඔවුන්ව ප්‍රථමයෙන් හමුවූ බවත්, ඔවුන්ගේ වාහනයේ ටයර් සහ ජංගම දුරකථන සොරකම් කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. ඝාතනයට ලක්වූ පිරිස ඉතා සුහදශීලී ලෙස තමන්ට උපකාර කිරීමට ඉදිරිපත් වූ බවත්, පසුව සැකකරුවන් විසින් ඔවුන්ව මෙලෙස ඝාතනය කර ඇති බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් Jesús Gerardo ඇතුළු Mexican ජාතිකයින් තිදෙනෙකුට එරෙහිව දැනට අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. Ensenada හිදී පැවැත්වෙන මෙම නඩු විභාගය විනිසුරුවරයාගේ වෙනස්වීම් සහ කාලසටහන් ගැටලු හේතුවෙන් තවදුරටත් දීර්ඝ වනු ඇති බවයි වාර්තා වන්නේ.