දේශපාලන පක්ෂ අතර සංක්‍රමණික ප්රශ්නය මුල්කරගත් ගැටුම් උග්‍රවීමත් සමඟ තමන් දේශපාලන වාසි සඳහා යොදාගැනීමේ අවදානමකට මුහුණ දී සිටින බව ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් පවසනවා.
ප්‍රධාන දේශපාලන පක්ෂ සහ One Nation පක්ෂය අතර සංක්‍රමණික සංඛ්‍යා ලේඛන මුල්කරගනිමින් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය හමුවේ ඔවුන් මෙම කනස්සල්ල පළකර සිටිනවා.
Slovenia හි සිට පැමිණ දැනට Western Australia හි Mandurah හි පදිංචිව සිටින 34 හැවිරිදි Barbara Dervodel මෙන්ම Alaska හි සිට පැමිණ Hobart හි පදිංචිව සිටින Annaliese Claydon ද පෙන්වා දෙන්නේ, තාවකාලික හෝ ස්ථිර වීසා බලපත්‍ර ලබාගැනීමේදී සංක්‍රමණිකයින් මුහුණදෙන දැඩි දුෂ්කරතා සහ මානසික පීඩනය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොමැති බවයි.
මේ අතර Australian National University හි Migration Hub හි අධ්යක්ෂ Professor Alan Gamlen සඳහන් කරන්නේ, වත්මන් සංක්‍රමණික සංවාදය බොහෝ දුරට මිත්‍යා මත සහ වැරදි තොරතුරු මත පදනම් වී ඇති බවයි. ඔස්ට්‍රේලියාවේ පවතින නිවාස අර්බුදයට හෝ රැකියා අහිමිවීමට සංක්‍රමණිකයින් වගකිව යුතු බවට පැතිරෙන මතය අසත්‍යයක් බවත්, ගැටලුව පවතින්නේ තාවකාලික වීසා ක්‍රමවේදයේ විධිමත් පාලනයක් නොමැතිකම තුළ බවත් ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම Regional Australia Institute (RAI) හි ප්‍රධාන විධායක Liz Ritchie සඳහන් කළේ 2025 වසරේ ප්‍රාදේශීය ජනගහන වර්ධනයෙන් 46.2% කටම දායක වී ඇත්තේ සංක්‍රමණිකයින් බවයි. ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින රැකියා සහ ශ්‍රම හිඟයට පිළියම් සෙවීම සඳහා විධිමත් ජාතික සංක්‍රමණික සැලැස්මක අවශ්‍යතාව ද ඇය අවධාරණය කළා ය.



