ළමා අපචාර දර්ශන සහ වීඩියෝ දහස් ගණනක් ළඟ තබා ගැනීම සහ නිෂ්පාදනය කිරීමේ චෝදනාවට වරදකරු වූ Mildura හි පදිංචි 36 හැවිරිදි Christopher Rankin නමැත්තෙකුට වසර හතරහමාරක සිරදඬුවමක් නියම කිරීමට Victorian County Court අධිකරණය නියෝග කර තිබෙනවා.

2024 නොවැම්බර් සිට 2025 ජූනි දක්වා කාලය තුළ මොහු ළමා අපචාර දර්ශන සහ වීඩියෝ 3,600කට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන ඇති අතර, රහස් කැමරා භාවිතයෙන් සහ AI තාක්ෂණය ඔස්සේ ළමුන්ගේ සහ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සැකසීමටද කටයුතු කර ඇති බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.

කලක් ගුරු සහකාරවරයෙකු සහ පෙරපාසල් පවිත්‍රතාකරුවෙකු ලෙස සේවය කර ඇති මොහු බරපතල ලිංගික වැරදිකරුවෙකු ලෙස නම් කර ඇති අතර, වසර තුනක අවම සිරදඬුවම් කාලයකින් පසුව කොන්දේසි සහිතව ඇප ලබා ගැනීමට ඔහුට හිමිකම් පවතිනවා. එමෙන්ම නිදහස් වීමෙන් පසුවද ජීවිත කාලය පුරාම Mildura පොලිස් ස්ථානය වෙත වාර්තා කිරීම ඇතුළු විශේෂ අධීක්ෂණ කොන්දේසි රැසකට යටත් වීමට ඔහුට සිදුවන බවයි වාර්තා වන්නේ.