Mildura ප්‍රදේශයට රහසිගතව ගෙන ඒමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් වටලා කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට Victoria පොලීසිය සමත්ව තිබෙනවා.
Melbourne ගුවන් තොටුපළේදී Australian Border Force විසින් ජූනි මාසයේදී අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ 1,4-Butanediol නැමැති හානිකර රසායනික ද්‍රව්‍ය 500ml ක් පමණ තිබූ බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් Mildura ප්‍රාදේශීය ප්‍රතිචාර ඒකකය මගින් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව 33 හැවිරිදි අදාළ කාන්තාව සිකුරාදා උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයට එරෙහිව චෝදනා ගොනුකර ඇති අතර, ලබන දෙසැම්බර් 16 වනදා Mildura මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



