Victoria හි Mount Buller හිදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන 9.15 ට පමණ Mount Buller මාර්ගයේදී සිදු වූ මෙම අනතුරෙන් රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තුවාල ලැබූ කාන්තාව බරපතළ තත්ත්වයෙන් Wangaratta Hospital වෙත ඇතුළත් කර තිබෙනවා. අනතුර හේතුවෙන් Mount Buller මාර්ගය දෙපසටම වසා දමා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් Victoria පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
මේ අතර, අධික වර්ෂාව සහ සැඩ සුළං හේතුවෙන් Victoria හි උතුරු-නැගෙනහිර ප්‍රදේශ රැසක පාරවල් ජලයෙන් යටවී ඇති අතර, Lexton හිදී ගංවතුරට හසු වූ රථවාහන බේරාගැනීමේ මෙහෙයුම් ද SES කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. තවදුරටත් ගස් කඩා වැටීම් සහ ගංවතුර අවදානම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි SES බලධාරීන් ප්‍රදේශවාසීන්ට දැනුම් දෙන්නේ.



