Mount Buller Road හි ධාවනය වූ මෝටර් රථයකට ගසක් කඩා වැටීමෙන් සිදු වූ හදිසි අනතුරකින් RiceWine නමින් ස්වයං නිර්මාණ නිරත වූ තරුණ සංගීතඥයෙකු වන Talae Rodden මියගොස් තිබෙනවා.

සඳුදා දින සිදු වූ මෙම අනතුරෙන් මෝටර් රථය පදවාගෙන ගිය ඔහුගේ මව බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ Talae Rodden මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති බව සඳහන්.

Mansfield සහ Merrijig ප්‍රදේශවල ව්‍යාපාර කටයුතුවල නිරත වන Rodden පවුල Mount Buller හි බොහෝ දෙනාගේ ආදරය දිනාගත් පවුලක් ලෙසයි සදහන් වන්නේ. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් නගරාධිපති Steve Rabie අදහස් දක්වමින් කියා සිටියේ මෙය මුළු ප්‍රදේශයටම දැඩි ශෝකයක් ගෙන දුන් පුවතක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක අතර, අදාළ වාර්තාව Coroner වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.