Northern Victoria හි Murray Plains ආසනයේ ඡන්දදායකයන් වත්මන් පාලකයන් සහ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බවත්, ඉදිරි පළාත් මැතිවරණයේදී ඔවුන් වෙනස් දේශපාලන මාවතක් වෙත යොමුවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත් වාර්තා වනවා.

වසර 24ක් Murray Plains ආසනය නියෝජනය කළ National පක්ෂයේ මන්ත්‍රීවරයා විශ්‍රාම ගැනීමට නියමිත අතර, පාරවල් අබලන් වීම, කෘෂිකාර්මික රැකියා අඩුවීම සහ සුළං හා සූර්ය බලශක්ති ව්‍යාපෘති නිසා සාමාන්‍ය ජනතාව දැඩි අසහනයට පත්ව සිටිනවා. මෙම තත්ත්වය හමුවේ traditional Coalition පාක්ෂිකයන් පවා One Nation පක්ෂය දෙසට යොමුවෙමින් සිටින බවයි පැවසෙන්නේ.

Murray Plains ආසනය සඳහා One Nation පක්ෂයෙන් Gannawarra Shire හි නගරාධිපති Garner Smith තරඟ කිරීමට නියමිත අතර, National පක්ෂයෙන් Brett Hosking ඉදිරිපත් වනවා. කෙසේ වෙතත්, බලශක්ති ව්‍යාපෘති සහ ප්‍රාදේශීය සංවර්ධනය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින නොසන්සුන්තාව ඉදිරි මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් වනු ඇති.