ඕස්ට්‍රේලියාවේ Naplan ජාතික විභාග ප්‍රතිඵලවලට අනුව, සිසුන්ගේ කියවීමේ සහ ලිවීමේ හැකියාවන් පහත වැටී ඇති අතර, සෑම සිසුන් තිදෙනෙකුගෙන් එක් අයෙකු නියමිත අධ්‍යාපනික මට්ටම සපුරාලීමට අපොහොසත් වී තිබෙනවා.
ගණිත හැකියාවන්හි සමහර වසරවල යම් වර්ධනයක් පෙන්නුම් කළද, තුන්වන වසර සිසුන්ගේ කියවීම සහ ගණිත හැකියාවන් පැහැදිලි ලෙසම පහත වැටී ඇති බවයි Acara ආයතනය නිකුත් කළ වාර්තාවල දැක්වෙන්නේ.
විශේෂයෙන්ම නගරබද සහ දුරස්ථ ප්‍රදේශවල සිසුන් අතර මෙන්ම සමාජ-ආර්ථික මට්ටම් අතරද අධ්‍යාපනික පරතරය තවදුරටත් වර්ධනය වී තිබෙනවා.
මෙම අභියෝගයන් ජයගැනීම සඳහා රජය විසින් ඩොලර් බිලියන 20ක විශේෂ අරමුදලක් අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට නියමිත අතර, ප්‍රථම වසර සිසුන් සඳහා විශේෂ කියවීම් සහ ගණිත ඇගයීම් ක්‍රමවේදයන් හඳුන්වාදීමට ද පියවර ගනිමින් සිටිනවා.



