National Disability Insurance Scheme  අරමුදලෙන් ඩොලර් මිලියන 5කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ 38 හැවිරිදි NDIS ආයතන අධ්‍යක්ෂවරයෙකු ඕස්ට්‍රේලියාවෙන් පිටව යාමට සූදානම් වෙද්දී Adelaide ගුවන්තොටුපොළේදී ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

NDIA ආයතනයේ සේවිකාවකගෙන් ලබාගත් රහස්‍ය තොරතුරු යොදාගනිමින් මොහු ව්‍යාජ හිමිකම් පෑම් දහස් ගණනක් ඔස්සේ මෙලෙස මුදල් වංචා කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. මෙම සිද්ධියට සම්බන්ධ අදාළ 48 හැවිරිදි කාන්තාවද ඉකුත් ජූනි මාසයේදී අත්අඩංගුවට ගත් අතර, ඇයට එරෙහිවද නීතිමය පියවර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට දිනයේ Adelaide මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.