Nepal හි සිදුවූ දරුණු ගංවතුර තත්ත්වයෙන් දින නවයකට පසුව, ජලවිදුලි බලාගාර උමගක් තුළ සිරවී සිටි දෙවන පුද්ගලයා ද ජීවතුන් අතර බේරාගත් බව එම රටේ බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

Trishuli 3A උමග තුළ සිදුකළ මෙම විශේෂ මුදාගැනීමේ මෙහෙයුමේදී පළමු සේවකයා බේරාගත් බව හමුදා ප්‍රකාශක Brigadier General Raja Ram Basnet තහවුරු කිරීමත් සමඟ, දෙවන පුද්ගලයා ද බේරාගත් බව Nepal දේශපාලනඥයෙකු වන Shri Ram Neupane සිය Facebook ගිණුමේ සටහන් කර තිබුණා.

මඩෙන් යටවී සිටි පළමු සේවකයා එම ස්ථානයේදීම වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ බවයි හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.