New South Wales හි රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් ප්‍රධාන නීතිමය සංශෝධන කිහිපයක් සිදුකිරීමට එරට පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීම අරමුණු කරගනිමින් ගෙන එන මෙම නව පනත මගින් New South Wales ප්‍රාන්තය, Commonwealth හි National Face Matching Service පද්ධතියට එකතු වීමට නියමිතයි. මේ හරහා දත්ත සොරාගැනීම් මගින් රියදුරු බලපත්‍ර සහ පුද්ගල අනන්‍යතාවන් සොරාගෙන වංචනික ලෙස බැංකු ගිණුම් ඇරඹීම වැනි අපරාධ සිදුකිරීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.
මීට අමතරව, සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී ඩිජිටල් උපාංග පරික්ෂා කිරීමට පොලිසියට ඇති බලතල වැඩි කිරීමටත්, Sydney Harbour Bridge සහ Sydney Harbour Tunnel හි සවිකර ඇති කැමරා දර්ශන පරීක්ෂා කිරීමටත් පොලිසියට අවසර හිමිවන බවයි වාර්තා වන්නේ.



