New South Wales හි Southern Tablelands ප්‍රදේශයේ සිදු වූ මෝටර් බයිසිකල් ධාවන පථයක සිදුවූ අනතුරකින් තුවාල ලැබූ නව හැවිරිදි දැරියක් රෝහලේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෝටර් බයිසිකල් දෙකක් ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් හිසට බරපතල තුවාල ලැබූ ඇයව, ගුවන් ගිලන් රථයක් මගින් Westmead Hospital වෙත ඇතුළත් කර තිබුණේ අතිශය අසාධ්‍ය තත්ත්වයෙන්.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, අනතුරට අදාළ යම් තොරතුරක්, CCTV, ඩෑෂ්කෑම් හෝ ජංගම දුරකථන දර්ශන පවතී නම්, Bathurst Police හෝ Crime Stoppers වෙත ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



